Uber ව්‍යවසායකත්ව අභියෝගය 2021 හිදී නව්‍යකරණ ව්‍යාපාරික අදහස් ඇගයීමට ලක් වෙයි

(ලංකාපුවත් | කොළඹ) – Uber ව්‍යවසායකත්ව අභියෝගය 2021 පසුගියදා නිමාව දුටුවේ ව්‍යවසායකයන්ගේ නිර්මාණත්මක හා නව්‍යකරණ අදහස් අගයමිනි. එහිදී තමන් සමඟ අත්වැල් බැඳගත් අලෙවිකරුවන්, රියදුරන් මෙන්ම බෙදා හැරීමේ හවුල්කරුවන් 10 දෙනෙකු වෙත ත්‍යාග පිරි නැමීමට Uber කටයුතු කරනු ලැබුවේ ඔවුන්ට සුඛෝපභෝගී හෝටල් නවාතැන්, යතුරු පැදි හා ස්මාර්ට් ජංගම දුරකතන ඇතුළු වටිනා ත්‍යාග රැසක් හිමි කර දෙමිනි.

Uber ව්‍යවසායකත්ව අභියෝගය 2021 හි මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යෞවන හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ජයග්‍රාහකයන්ට අදාළ සම්මාන පිරිනැමීම සිදු කරන ලදී.

මෙම ක්ෂේත්‍රයට අදාළ මේ ආකාරයේ ප්‍රථම වැඩසටහන වූ මෙය යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳ ගනිමින් සංවිධානය කළ අතර ඒ තුළින් Uber සමඟ කටයුතු කරන අලෙවිකරුවන්, රියදුරන් මෙන්ම බෙදා හැරීමේ හවුල්කරුවන්ට ව්‍යාපාර සම්බන්ධ ඔවුන්ගේ නැවුම් අදහස් හා නවෝත්පාදනයන් එළි දැක්වීමටද අවස්ථාව උදා කර දීම විශේෂත්වයකි. මෙහිදී ශාකමය සාධක පදනම් කොට ගනිමින් සබ්මැරීන් හා හොට් ඩෝග් දේශීයව නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ශානි ඩයස් මහත්මිය Heritance Kandalama හි පරිපූර්ණ රාත්‍රි 2ක හෝටල් නවාතැන් පහසුකම් උදා කර ගත්තේ Samsung Galaxy S7 ටැබ් දුරකතනයක්ද තමන් සතු කර ගනිමිනි. ඊට අමතරව Uber පදනම් කර ගනිමින් සිය සේවාවන් තව දුරටත් පුළුල් කිරීමේ නව්‍ය සංකල්පය ඉදිරිපත් කළ නිමේෂ් සඳරුවන් මහතා රියදුරු/කුරියර් සේවා කාණ්ඩය යටතේ ඇගයීමට ලක් කෙරුණේ ඔහු වෙත අගනා වටිනා මහේන්ද්‍රා Centuro යතුරුපැදියක් හිමි කර දෙමිනි.

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වූ නාමල් රාජපක්ෂ මැතිතුමා මෙහිදී සඳහන් කර සිටියේ “ ශ්‍රී ලංකාවේ අලුත් අදහස් හා දක්ෂතා ඕනෑ තරම් තිබෙනවා. එවන් මිනිසුන් වෙනුවෙන් මෙන්ම තරුණ ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ සිහින ඉටුකර ගනිමින් ශ්‍රී ලාංකේය ජාතිය ශක්තිමත් කිරීම සඳහා වන අවස්ථාවන් ලබා දිය හැකි මාර්ගයන් පිළිබඳව අපි නිරන්තරයෙන් ගවේෂණය කරනවා. විශේෂයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රය වෙත අලුතින් එක් වුණු පුද්ගලයින් වෙත මෙවන් අවස්ථා උදා කර දීම ඉතා වැදගත් යැයි මම හිතනවා. Uber ව්‍යවසායකත්ව අභියෝගය යනු මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භ කළ ඉතා වටිනා වැඩපිළිවෙලක් ලෙස පෙන්වා දිය හැකියි. ඒ වගේම එවන් අවස්ථා මෙරට ව්‍යවසායකයින් වෙත ලබා දෙන සමාගමක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ Uber ශ්‍රී ලංකාහි සාමාන්‍යාධිකාරී භාවනා දද්ලානි මහත්මිය“ Uber සහ ඹඉැර Uber Eats සමඟ කටයුතු කරන නව්‍ය ව්‍යවසායකයන් හඳුනා ගැනීමට ලැබීම ඉතාමත් සතුටුයි. වෙනස් වෙමින් පවතින ලෝකය තුළ ඊට අදාළ වන ලෙස වේගයෙන් ක්‍රියාත්මක විය හැකි ව්‍යාපාරයන්වලට ජීවිත හා ප්‍රජාවන් සුවිසල් පරිවර්තනයකට ලක් කළ හැකි බව රහසක් නොවෙයි. අපගේ මෙහෙයුම්වල හදවත වන්නේ අපගේ හවුල්කරුවනුයි. ඔවුන්ගේ ජීවිත හා ව්‍යාපාර තව දුරටත් නගා සිටුවීම වෙනුවෙන් ශවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට අපි නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා. අද දිනයේ ජයග්‍රහණය කළ සියලු දෙනා වෙත Uber ශ්‍රී ලංකා වෙනුවෙන් මගේ සුබ පැතුම් එක් කර සිටින අතර, ඔවුන් ව්‍යාවසායක ප්‍රයත්නයන් දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවායි මම ප්‍රාර්ථනා කර සිටිනවා. එමෙන්ම දේශීය ව්‍යවසායක සංස්කෘතියක් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගයෙන් කටයතු කිරීම වෙනුවෙන් මෙම වටිනා අවස්ථාව අප වෙත ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අපගේ ස්තුතිය පුද කර සිටින අතරම මේ ආකාරයේ සහයෝගීතාවයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට අපි බලාපොරොත්ුත වනවා “යනුවෙන් පැවසීය.

තමන් සමඟ කටයුතු කරන හවුල්කරුවන්ගේ අරමුණු හා සිහින සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සහ ඔවුන් දිරි ගැන්වීමේ හා පෙළඹවීමේ උත්සාහයක් ලෙස Uber ව්‍යවසායකත්ව අභියෝගය සඳහන් කළ හැකිය. Uber ශ්‍රී ලාංකේය ව්‍යපාරික හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙය, සිය කොටස්කරුවන්ගේ ආර්ථික සංවර්ධනය සහ සමාජමය වටිනාකම් ඉහළ නැංවීම සඳහා වන දිගු කාලීන උපාය මාර්ගයක් වන අතර රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය වටිනාකම් ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙසද පෙන්වා දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *