අන්තර්ජාතික Global Startup Awards විශිෂ්ඨ සම්මානයක් ශ්‍රී ලංකාවට

(ලංකාපුවත් | කොළඹ) – මෙවර අන්තර්ජාතික Global Startup Awards සම්මාන උළලේ Best co-working space සම්මානය මෙරට හැච් Hatch සමාගම දිනාගනී.

ඊට අමතරව මෙම තරගාවලියේ සාක් කලාපිය වටයෙන් Niftron තාක්ෂණ ආයතනය (Best New comer) හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජේෂ්ඨ කළමනාකාරිනි නෙවින්දරී ප්‍රේමරත්න (The Ecosystem Hero of the Year -2020) සම්මානයන්ද දිනාගනිමින් අන්තර්ජාතික Global Startup Awards නියෝජනය කරනලදී.

Global Startup Awards යනු ලොව පුරා සිටින ඩිජිටල් යුගයේ අනාගතය මෙහෙයවන්නන් සොයා ගැනීම, හඳුනා ගැනීම සහ සම්බන්ධකරගැනීමේ විශාලතම ස්වාධීන තරඟයයි.

සම්මාන උළෙල ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්විණ. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙලේ අරමුණ වන්නේ දේශීය, කලාපීය සහ ගෝලීය වශයෙන් ආරම්භක පරිසර පද්ධති Startup සදහා ඔස්කාර් වැනි උසස් තත්ත්වයේ සම්මාන ලබා දීමයි.

ජයග්‍රාහකයන්ට අමතරව සන්නාම වටිනාකමක් නිර්මාණය කරගැනීමට මෙමගින් අවස්තාව උදාකරදීමයි. මහාද්වීප 4 ක රටවල් 122 ක් නියෝජනය වන පරිදි කලාප 11 ක් මෙම තරගාවලියට එක්වූ අතර මෙවර ඉදිරි පත්ව තිබු අයදුම්පත් සංඛ්‍යාව 20000 කට ආසන්න බව වාර්තාවේ.

මෙම සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවට සම්මාන හිමිවීම හා අවසන් වට සදහා තරග වැදීමට අවස්තාව ලැබීම තුලින් මෙරට ආරම්භක තාක්ෂණව්‍යාපාර වල ඇති වර්ධනය හා නැමියාව ලෝක අවධානයට යොමු වීමටත් එම අංශයේ ගෝලීය මට්ටමේ අනන්‍යතාවක් ගොඩනගා ගැනීමටත් හේතුවනු ඇතිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි .

මෙරට ආරම්භක තාක්ෂණ ව්‍යාපාර ඉදරියට ගෙන එම සදහා කලක සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආයතනය ක්‍රියාත්මකකල විවිධ වැඩහටහන් හා ලබාදුන් දිරිගැන්වීම් වල ප්‍රතිපල තුලින් මෙරට අනාගතතාක්‍ෂණය සහ නවෝත්පාදන අංශයේ පැහැදිලි වර්ධනයක් දැකිය හැකිවනු ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *