අවු.20ට වැඩි සැමට‘බූස්ටර්’ දෙන්න තීරණය කළා

(ලංකාපුවත් | කොළඹ) – වයස අවුරුදු 20 ඉක්මවූ පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබා දීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (24) පැවසීය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව ද අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කී‍වේය.

අවුරුදු 60 ඉක්මවූ පුරවැසියන්ට බූස්ටර් එන්නත දීම මෙරට ආරම්භ කළ ද ඇතැම් රටවල් එය ලබා දීම ආරම්භ කරනු ලැබුවේ අවුරුදු 65 ඉක්මවූ පුද්ගලයන්ගෙන් බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය. මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු ඒ සඳහා සහයෝගය ලබා දෙන ඉදිරිපෙළ කණ්ඩායම් සඳහා බූස්ටර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති බවත්, මේ වනවිට 380,213 දෙනකුට එය ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලක්ෂ 11කට ආසන්න ළමුන් ප්‍රමාණයකට ද මේ වනවිට එන්නත්කරණය කර අවසන් බව ද ඔහු පැවසීය.

මේ අතර මංගල උත්සව, සිනමා ශාලා, ආපනශාලා, හෝටල් සංකීර්ණ, උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *