විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක්

(ලංකාපුවත් | කොළඹ) – දකුණු අප්‍රිකාවෙන් දැඩි ලෙස විකෘති වූ නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇත.

විද්‍යාඥයින් මෙම නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ එන්නත්කරණය මධ්‍යයේ එරට ආසාදිතයන් යළි ඉහළ යමින් පවතින පසුබිමකය.

B.1.1.529 ලෙස නම්කර ඇති මේ ප්‍රභේදය බොට්ස්වානා හා හොංකොංවලින් ද සිද්ධින් 06ක් සමඟ හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉහළ විකෘතිතා පෙන්නුම් කරන මෙම නව ප්‍රභේදය එන්නත්වලින් නිපදවන ප්‍රතිශක්තිය පවා අබිබවා යනු ඇති බවට විශේෂඥයින් සැක පළකර ඇත.

එහි ස්පයික් ප්‍රෝටීන් විකෘති 32ක් ඇති අතර එයින් අදහස් වන්නේ වර්තමාන එන්නත් ආරක්ෂාව සැපයීමේදී එතරම් ඵලදායී නොවිය හැකි බවයි.

නව ප්‍රභේදය B.1.1.529 අවුරුදු 30 ට අඩු අය තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වන අතර එන්නත්වල කාර්යක්ෂමතාව 30% කින් අඩු කළ හැකි බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *