ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරිනියක් ආසියානු දුණු විදීමේ සංගමයේ කමිටු සාමාජිකත්වයට

(ලංකාපුවත් | කොළඹ) – ආසියානු දුණු විදීමේ වාර්ෂික සම්මේලන නිලවරණයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්මේලනයට සහභාගී වූ ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා සුනේත්‍රා සෙනෙවිරත්න එම සම්මේලනයේ කමිටු සාමාජිකාවක් ලෙස පත් කර ඇත.

ආසියානු රටවල් 37කගේ සහභාගීත්වයෙන් පසුගියදා(12) බංග්ලාදේශයේ ඩකා නුවර දී එය පැවැත්වුණි.

මෙම තනතුරට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික සාමාජිකාව වන්නේ ඇයයි.

ඇය 2004 වර්ෂයේ දී පොලිස් දුණුවිදීමේ සංචිතයට ඇතුලත් වී පුහුණුවීම්වලදී දැක්වූ දක්‍ෂතාව මත 2016 වසර දක්වා ජාතික හා ජාත්‍යන්තර දුණු විදීමේ තරගාවලි නියෝජනය කර ඇති අතර ලෝකඩ, රන් හා රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වී තිබේ.

2005 වසරේ සිට ශ්‍රී ලංකා දුණු විදීමේ සංගමයේ විවිධ නිලතල දරා ඇති මෙම නිලධාරිනිය දැනට එම සංගමයේ උප සභාපති වශයෙන් කටයුතු කරනු ලැබේ. එසේම දැනට ඇය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර පොලිස් සංගමයේ සහකාර මහා ලේකම් තනතුර හොඹවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *