හිටපු ඇමති මංගලගේ භස්මාවශේෂ මාතර දී තැන්පත් කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – දිවංගත මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මහජන ගෞරවය සදහා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළෙඳපොල ගොඩනැගිලි පරිශ්‍රෙය් අද(26) තැන්පත් කෙරේ. අනතුරුව පස්වරු 04.00ට එම භස්මාවශේෂ මාතර පොදු සුසාන භූමියේ තැන්පත් කරනු ඇත.

මංගල සමරවීර මහතාගේ තෙමස් පූර්ණ සැමරුම නිමිත්තෙන් ඒ මහතාගේ භස්මාවශේෂ මහජන ගෞරවය සඳහා ඊයේ (25) කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබිණි.

‘මතක මංගල – සැබෑ දේශප්‍රේමියකුගේ තෙමස් සැමරුම’ ලෙස මෙය නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *