දකුණු අප්‍රිකා ජනපතිගෙන් ඉල්ලීමක්

(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා වැසියන්ට පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙස එරට ජනාධිපති සිරිල් රමපෝෂා, ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හමුවීමත් සමඟ එරට වැසියන්ට තම රටට ඇතුල්වීම තහනම් කිරීමට රටවල් රැසක් පියවර ගෙන ඇත. එම තීරණය සම්බන්ධයෙන් තමා දැඩි කලකිරීමට පත්ව සිටින බව දකුණු අප්‍රිකා ජනාධිපතිවරයා පවසයි. එමෙන්ම එය කිසිඳු සාධාරණ හේතුවක් මත ගත් තීරණයක් නොවන බවද ඔහු සඳහන් කර තිබේ.

එබැවින් එම තහනම කඩිනමින් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

දැඩි ලෙස විකෘති වූ මෙම ඔමික්‍රොන් ප්‍රභේදය මේ මස මුලදී දකුණු අප්‍රිකාවේදී අනාවරණය වූ අතර පසුව පසුගිය බදාදා ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *