උතුරු පළාතේ දැවැන්ත සංවර්ධනයකට සූදානම්

(ලංකාපුවත් | කොළඹ) – 2022 වසර සඳහා අයවැයෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85000 ක අතිවිශාල මුදලක් වෙන් කර ඇති බවත් එම නිසා උතුරු පළාතේ දැවැන්ත සංවර්ධනයක් සිදු කරන බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා උදු,මුං,ඉගුරු බීජ ධාන්‍ය බෙදාදීමේ උත්සවයක් පසුගියදා(27) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

ග්‍රාමීය මාර්ග යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය මූලික ආර්ථිකයක් ගොඩනැගීමට ප්‍රගතිශීලී අනාගතයක් උදාකර ගැනීමේ අරමුණින් අද රජය ජනතාව වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් සියලුම මහජන නියෝජිතයන් මුදල්වලින් පසුගාමී ප්‍රදේශවල සංවර්ධනය ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන බවද ඇමතිවරයා පැවසීය.

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් නියෝජිතයන් ජනතාවට තිබෙන සංවර්ධන ව්‍යාපෘති අවහිර කරමින් ජනතාව උසිගැන්වීමට කටයුතු කලද, සියලු සංවර්ධන වැඩසටහන් කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. නමුත් රජයෙන් ලැබෙන සියලුම සංවර්ධන වැඩසටහන් සමඟ අනෙකුත් ප්‍රජාවන් දැවැන්ත ආර්ථික වර්ධනයක් දකිනවා.අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් අපි දකිනවා. අද අපි ආණ්ඩුවේ සංවර්ධන වැඩසටහන් රැසක් උතුරු නැඟෙනහිර පළාත්වලට ගෙන එමින් තියෙද්දී පාර්ලිමේන්තුවේ විපක්ෂය පුහු ප්‍රකාශ නිකුත් කරමින් සිටියද අප දූරදර්ශී දැක්මක් ඇතිව සියලු ක්ෂේත්‍රවල සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. ප්‍රජාවගේ අවශ්‍යතා මිස දේශපාලනය බලමින් කටයුතු නොකරන බවද රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *