ඉදිරියේ දී රට වසා තැබෙන ප්‍රචාර අසත්‍යයි

(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය ශිඝ්‍ර යෙන් පැතිර යාමත් සමඟ ඉදිරියේ දී රට වසා තබන බවට ඇතැම් පිරිස් ප්‍රචාර ගෙන ගියද රජය එවැනි කිසිඳු තීරණයක් ගෙන නැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මේ අතර කොරෝනා වයිරසය කුමන ස්වරූපයෙන් පැමිණියද ඊට මුහුණ දීම සඳහා ජනතාව කළ යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම පමණක් බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *