ඔමික්‍රෝන් ඇතුළු වීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගන්නවා

(ලංකාපුවත් | කොළඹ) – ඔමික්‍රෝන් කොරෝනා වයිරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය.

රටවල් හයක් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන ඇත්දැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙ බව කියා සිටියේය. මේ පිළිබඳ රජය ක්‍රියාමාර්ග ගත්තේ මීට දින තුනකට පෙර සිට බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *