ISIS සමඟ ඍජු සබදතා පැවැත්වූ 07කගෙන් ප්‍රශ්න කිරීම්

(ලංකාපුවත් | කොළඹ) –අන්තවාදී මත අන්තර්ජාලය හරහා පතුරවමින් අයි එස් අයි එස් ත්‍රස්තයන් සමඟ සෘජු සබදතා පැවැත්වීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය ඊයේ (29) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා වෙත කරුණු වාර්තා කළේය.

පොළොන්නරුව, කාත්තන්කුඩි හා වැල්ලම්පිටිය යන පළාත්වලින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් මොවුන් ත්‍රස්තවාදි වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බවට ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට කරුණු දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *