මිචිගන් ප්‍රාන්තයේ පාසලක වෙඩිතැබීමක් – සිසුන් 03ක් මරුට

(ලංකාපුවත් | කොළඹ) – අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙකු මියගොස් ඇත.

වෙඩි තැබීමෙන් තවත් පාසල් සිසුන් ඇතුළු ගුරුවරුන් 08 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.එම සැකකාර සිසුවා පසුගිය සිකුරාදා සිය පියා විසින් මිලදී ගත් තුවක්කුවක් මේ සදහා භාවිතා කර ඇති බවට පොලිසිය පවසයි.

සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − 12 =