INSEE සිමෙන්ති, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ අවබෝධතා ගිවිසුමකට

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගමවන INSEE සිමෙන්ති, හම්බන්තොට වරාය හරහා ගාල්ලේ පිහිටි තම කර්මාන්ත ශාලාව වෙත අමුද්‍රව්‍යප්‍රවාහනය කිරීමේ කාර්යක්ෂමතාව සහතික කිරීම වෙනුවෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමඟඅවබෝධතා ගිවිසුමක් අත්සන් තැබූ අතර, එමගින් සමාගමේ මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවෙහි ධනාත්මක වර්ධනයක් අපේක්ෂා කරයි.

මේ වෙනුවෙන් හම්බන්තොට සාමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවැත්වුණු උත්සවයේදී INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝනවරෝසහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන්සන්ලියූ යන මහත්වරුන් මෙමඅවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

මෙහි දී අදහස් දැක්වූ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන්සන්ලියූමහතා ප්‍රකාශ කළේINSEE සමඟ ඇති කරගත් මෙම සුවිශේෂී සහයෝගීතාවනිසා දෙපාර්ශවයටම අන්‍යෝන්‍යවශයෙන් විශාල වාසියක් අත් වන බවයි. “INSEE සිමෙන්ති කියන්නෙ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) වියළි තොග භාණ්ඩ ආශ්‍රිත පළමු පාරිභෝගිකයායි.ඒ වගේ ම එම සමාගම අප කෙරෙහි තැබූ විශ්වාසයඅපි බෙහෙවින් අගය කරනවා. අපි 2018 ඉඳල ඔවුන් සමඟ වැඩ කරනවා. වියළි තොග භාණ්ඩ හැසිරවීමේදී අපගේ ඵලදායිතාව විශාල ලෙස ඉහළ නැංවෙනවා කිව්වොත් මම නිවැරදියි.ඒ නිසා ම අප සමාගම් දෙකේ සහයෝගීතාවෙහි තිබෙන වටිනාකම් හඳුනා ගනිමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ජයග්‍රාහී ගිවිසුමකට එළඹීමෙන්එමසහයෝගීතාවතව තවත් ශක්තිමත් කිරීමසඳහා අපි කටයුතු කළාකිව්වොත් මම නිවැරදි යි.”

එමෙන් ම 2021 වසරේ දී හම්බන්තොටජාත්‍යන්තර වරායවියළි තොග මෙට්‍රික් ටොන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් හැසිරවීමට සමත් වී ඇතිඅතර,එයඑම වරාය ඉතිහාසය තුළ තනි පාරිභෝගිකයෙකු යටතේමෙට්‍රික් ටොන් මිලියනය ඉක්මවමින් වියළි තොග හැසිරවූපළමු අවස්ථාව බව ප්‍රධාන විධායක නිලධාරීවරයාතව දුරටත් අදහස් දක්වමින් පැවසීය.
INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුෂ්ටාවෝ නවරෝමහතාපැවසුවේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයසමඟ වැඩ කිරීමට ලැබීම තම සමාගමට විශාලශක්තියක්බවයි. “අපගේ පෙර මෙහෙයුම් කටයුතුවලදී බලපැවැත්වුණු විවිධ සීමාවන් හේතුවෙන් විශාල පරිමාවක් සහිත යාත්‍රා ගෙන ඒමට අපට හැකියාවක් තිබුණේ නැහැ.හම්බන්තොට ජාත්‍යන්තර වරාය විශිෂ්ට ව්‍යාපාරික හවුල්කරුවෙකු විදියට,අපගේ අමුද්‍රව්‍ය කාර්යක්ෂමව සහ කාලෝචිත විදියට බෙදා හැරීම සඳහා නිර්මාණාත්මක විසඳුම් කිහිපයක් ඉදිරිපත් කරල තිබෙනවා. අපගේ ක්‍රියාකාරිත්වයටඑය ධනාත්මක බලපෑමක් ඇති කළා.එයින් අපගේ සමාගමට වගේ ම, විදේශ යාත්‍රාවලට ගෙවන ලද භාණ්ඩ ප්‍රවාහන ගාස්තු අඩු වීමෙන් විශාල ඩොලර් ඉතිරියක්සිදු වීම නිසා දේශීය ආර්ථිකයටත් ප්‍රතිලාභරැසක්ලබා දෙනවා කිව්වොත් මම නිවැරදියි.”

INSEE සිමෙන්තිසමාගමේ ප්‍රසම්පාදන හා සැපයුම් අධ්‍යක්ෂ තුසිත් ගුණවර්ණසූරියමහතා සඳහන් කළේ හම්බන්තොට ජාත්‍යන්තර වරායසමග ඇතිකරගත් ගිවිසුම නිසා තම අමුද්‍රව්‍ය ප්‍රවාහනයට විශාල යාත්‍රා භාවිතකිරීමේ හැකියාවලැබෙන බවයි. “හම්බන්තොටජාත්‍යන්තර වරායෙහි සහයෝගය නිසා අපගේ නිෂ්පාදනය ඉහළ නංවාගැනීමට උපකාරී වෙනවා. මෙය INSEE සමාගමට වගේ ම මේ රටේ පාරිභෝගික ජනතාවටත් විශාල පහසුවක්.”

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) සාමාන්‍යාධිකාරී(වාණිජ සහ අලෙවිකරණ)ලාන්ස් සුඕ මහතා පැවසුවේ වරායෙහි වියළි තොග භාණ්ඩ අංශය සංවර්ධනය කිරීමසඳහාINSEEසිමෙන්ති සමාගමමහඟු සහයක් ලබා දුන් බවත්,එම අංශයේ දූවිලිතත්ත්වය පාලනය කිරීමේ යාන්ත්‍රණයක් ගෙනඑමින්,එහි පරිසර හිතකාමී බව සහ ඵලදායීතාව වර්ධනය කිරීමට කටයුතු කළ බවත් ය.”අපගේ ලොජිස්ටික්ස් සේවාවන් සපයන්නන් සහ වරාය අතර ඉහළ මට්ටමේ සන්නිවේදනයක් ගොඩනගා ගනිමින්වගේ මඅපගේ බාහිර කොන්ත්‍රාත්කරුවන් සහ ක්‍රියාකාරී කාර්යමණ්ඩලයමගින් දැවැන්ත සහයෝගයක් සහ කාර්යක්ෂම සැලසුම්කරණයක් ලබා දෙමින්INSEE සමාගමේ මෙහෙයුම් සාර්ථක කරගැනීමට අපි ඉතා හොඳ සහයෝගයක් ලබා දුන්නා.ඒ වගේ ම අපි ඉදිරියේදීත් එම සහයෝගය ඒ ආකාරයෙන් ම ලබා දෙනවා.”යනුවෙන්ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ය.

INSEE සමඟ අත්සන් කළ නව ගිවිසුමහම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි සංවර්ධනය සඳහා ද ඉතා හොඳ අඩිතාලමකි.හම්බන්තොට ජාත්‍යන්තර වරාය ලොව පුරා සිදුවන සියලුම CMPort මෙහෙයුම්වල මූලික කොටස්කරුවෙකු වනඅතර, කාර්යක්ෂමතාවඉහළනැංවීම සඳහා අඛණ්ඩ පුහුණුව සහ පරීක්ෂාවන් සිදු කරමින් වේගයෙන් වර්ධනයවනපූර්ණ ක්‍රියාකාරී බහුකාර්ය වරායකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *