SLT-MOBITEL නව සන්නාම තානාපති සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග

(ලංකාපුවත් | කොළඹ) –ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි සන්නාම තානාපති ලෙස, තුන් ඉරියව්වෙන් දස්කම් පාන සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග නම්කර තිබේ.

ක්‍රිකට් පිටියේදී පෙන්නුම් කරන දක්ෂතා මෙන්ම අධිෂ්ඨානය, උනන්දුව හා කැපවීම වැනි ගුණාංග හේතුවෙන් වනිඳු හසරංග මෑතකාලීනව ක්‍රිකට් ලෝලීන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. සෑම විටම නව පරපුරේ දක්ෂයන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අත්වැලක් වන SLT-MOBITEL හි ආයතනික වටිනාකම්ද මෙමගුණාංගවලටබෙහෙවින් සමාන වන නිසා, තම සන්නාම තානාපති ලෙස වනිඳු හසරංග පත්කිරීමට SLT-MOBITEL කටයුතු කළේ ය.

රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන හසරංග, මේ වනවිට ලොව අංක එකේ T20 පන්දු යවන්නා බවට පත් වී ඇති අතර, ලොව විශිෂ්ටතම තුන් ඉරියවු ක්‍රීඩකයන් 10 දෙනා අතරටද එක් වී සිටී. SLT-MOBITEL සන්නාම තානාපති ලෙස, තරුණ පරපුරේ ක්‍රීඩා ලෝලීන් සමග පෙරටත්වඩාසමීපව කටයුතු කිරීමට වනිඳු හසරංගට අවස්ථාව ලැබෙනු ඇත.

ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටතම තරුවක් බවට පත්වීම සඳහා වනිඳු හසරංග යන ගමනේදී මේ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය ඔහුට ආශීර්වාදයක් වනු නොඅනුමාන ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *