විදුලිය බිඳවැටීමක්

(ලංකාපුවත් | කොළඹ) – සම්ප්‍රේෂණ පද්ධතියක දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී ඇත.

මේ වන විට විදුලිය බිදවැටීම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

මීට දින කිහිපයකට පෙර ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටීම් වාර්තා විය.

ඊට හේතු වී තිබුණේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳ වැටීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *