ශ්‍රී ලංකාවේ පළමු ඔමික්‍රොන් රෝගියා හමුවෙයි

(ලංකාපුවත් | කොළඹ) –ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගෙන තිබේ.

මෙලෙස හඳුනා ගෙන ඇත්තේ නයිජීරියාවෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේ ඔමික්‍රොන් ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර පරීක්ෂණ කටයුතු සිදුකළ බැවින් මෙම රෝගීයා හදුනාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *