පවුල් ඒකක 220,000ක් ස්වයං රැකියාලාභින් ලෙස ජාතික ආර්ථිකයට

(ලංකාපුවත් | කොළඹ) – සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සෞභාග්‍යා සංවර්ධන කාර්යංශය යන ආයතන දෙක පමනක් 2021 වර්ෂයේ අවසානය වන විට මෙරට ආදායම් උත්පාදනයට සහ ව්‍යසායකත්වයට යා හැකි පවුල් ඒකක 220,000 ක් ස්වයං රැකියා ලාභින් ලෙස ජාතික ආර්ථිකයට එක් කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර මත ක්‍රිසලිස් ආයතනයේ මෙහෙයවීමෙන්, මාතලේ දිස්ත්‍රිකයේ ව්‍යාපාර සේවා මධ්‍යස්ථානයක් ආරම්භ කරමින් ඊයේ (05) රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.

මේ තුළින් නව ව්‍යවසායකයින් සඳහා විධිමත් ව්‍යාපාරිකයෙක් ලෙස ලියාපදිංචි වීය හැකි අතර ඒ අනුව රාජ්‍ය අංශයේ සහ මූල්‍යා ආයතන වල සහයෝගය ලබා ගැනීමට ද හැකියාව ඇත.

දිවයින පුරා මෙම ව්‍යාපාර සේවා මධ්‍යෂ්තාන ආරම්භ කිරීම කාලෝචිත ක්‍රියාවක් බවත් ඒ අනුව පලමු අදියර ලෙස මේ වන විට දිස්ත්‍රීක් 05ක ව්‍යාපාර සේවා මධ්‍යෂ්තාන ආරම්භ කරමින් සිට්න බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය. මොනරාගල, බදුල්ල, මාතලේ, නුවරඑළිය සහ උතුරු පළාත නියෝජනය කරමින් කිලිනොච්චිය මේ වන විට මෙම ව්‍යාපාර සේවා මධ්‍යෂ්තාන ආරම්භ වෙමින් පවති. ඇතම් මධ්‍යෂ්තාන ජනතා අයිතියට මේ වන විටත් පවරා ඇත.

2022 වර්ෂය වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සෘජුවම උතුරට දකුණට කිසිදු වෙනසක් නොකර ඒ දිස්ත්‍රිකයන් සඳහා රුපියල් බිලියන 85 ක් සෘජුවම දිස්ත්‍රික් ලේකම් වරුන් හට ලබා දීමට සූදානම් බවත් එම මුදල් වලින් බහුතර ප්‍රමාණයක් ජීවනෝඋපාය වැඩ සටහන් සඳහා යොදවීමට අපේක්ෂිත බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින නියෝජිත මණ්ඩල සංවර්ධන සහයෝගිතා ප්‍රධානී ජෙනී කොරයා නූනස්, සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න, මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.පී.කේ.පොර්රා යන මහත්ම මහතුන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *