විදුලි බිඳවැටීම පිළිබඳ CEB ඉංජිනේරු සංගමය පරීක්‍ෂණයක් ඉල්ලයි

(ලංකාපුවත් | කොළඹ) – පසුගිය දිනවල සිදු වූ මෙරට සමස්ත විදුලි පද්ධතිය බිඳවැටීමේ සිද්ධීන් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක මතුවන බැවින් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම සිදු කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩල ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය රජයෙන් ඉල්ලා සිටීයි.

සමස්ත විදුලි පද්ධතිය බිඳ වැටීම පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බවට සැක මතුවන බව අද(06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ නියෝජිතයෝ සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩල ජේෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති ආචාර්ය එච්.එම් විජේකෝන් මහතා,

පසුගිය දිනවල දෙවරක් මෙරට සමස්ථ විදුලි පද්ධතිය බිඳ වැටුණා. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අකුරට වැඩ කරන වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින අවස්ථාවකදීයි මෙලෙස සමස්ථ විදුලි පද්ධතිය බිඳ වැටුණේ. තාක්ෂණය ඉතාමත් දියුණු අවස්ථාවක පද්ධතිය සකස් කරල තියෙන්නේ බිඳ වැටීමක දී එය යාවත්කාලීන වන ආකාරයටයි. විදුලිය බිඳවැටීමේ සිද්ධීන් සම්බන්ධව ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයින්ට සෘජු සම්බන්ධතාවයක් පවතින බව පෙනී යනවා. මේ පිළිබඳව නියමිත පරිදි අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීම තුළින් සත්‍ය තොරතුරු හෙළි කර ගත හැකියි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් යන අතරතුරේ දී සමස්ත පද්ධතිය බිඳ වැටීම කළමනාකාරීත්වයට එරෙහිව සිදුකළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක මතු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *