ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 73වන වාර්ෂික සම්මේලනය අගමැති ප්‍රධානත්වයෙන්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා පශූ වෛද්‍ය සංගමයේ 73වන වාර්ෂික සම්මේලනය හා මහා සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිදා (04) පස්වරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේ දී පැවැත්විණි.

පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍යවරුන් දෙපළක් වන එච්.පී.ප්‍රේමසිරි සහ ආර්.එම්.පී.එච්. දසනායක මහත්වරුන්ට මෙහි දී අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විශේෂ ඇගයීම් සම්මාන හා සිහිවටන තිලිණ ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකා පශූ වෛද්‍ය සංගමයයේ 73වන සම්මේලනයේ සභාපති පශු වෛද්‍ය එරන්දික ගුණවර්ධන මහතා විසින් වාර්ෂික සම්මේලනයට පැමිණි අග්‍රාමාත්‍යතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගන්නා ලදි.

මෙහි පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා පශූ වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා වශයෙන් පශු වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි මහතා තේරී පත්විය.

මෙම අවස්ථාවට පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා පශූ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *