INSEE සිමෙන්ති මෙරට සිමෙන්ති හිඟය විසඳීම සඳහා දිවයින පුරා සිය සැපයුම් දාමයන් ශක්තිමත් කරයි

(ලංකාපුවත් | කොළඹ) – මෙරට ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගමවිසින් දේශීය වෙළෙඳපොළේපවතිනසිමෙන්ති හිඟය අවම කරගැනීම සඳහා සිය නිෂ්පාදන ධාරිතාවන් උපරිම මට්ටමින් පවත්වාගෙන යාමට කටයුතු කළ අතර,දිවයින පුරා සිය සැපයුම් දාමයන් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ ප්‍රශස්තමට්ටමට ගෙන ඒමටසහ කාර්‍යක්ෂම කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගනු ලැබුවේ ය.

සිමෙන්ති හිඟය ආරම්භයේදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ INSEE සිමෙන්ති සමාගම සිය සමස්ත නිෂ්පාදන ධාරිතාව උපරිම මට්ටමින් පවත්වා ගනිමින්,වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීම සඳහා කටයුතු කළ අතර,ඒඅනුවඑම සමාගම 2021වසරේ3න් වන කාර්තුවතුළදී මෙට්‍රික් ටොන්700,000ක ඉහළ නිෂ්පාදනයක් වාර්තා කිරීමට සමත් විය.

“ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයාවිදියට, පශ්චාත් කොවිඩ් සමය තුළ නැවතත් ගොඩනැගෙමින් පවතින දේශීයඉදිකිරීම්ක්ෂේත්‍රයවර්තමාන සිමෙන්ති හිඟය නිසා අර්බුදයට ලක්වීම නැවැත්වීමේ වගකීම සහ අභියෝගයINSEE සිමෙන්තිභාරගත්තා.” යනුවෙන්INSEE සිමෙන්තිශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධානවිධායකනිලධාරීගුස්ටාවෝ නවාරෝ මහතා අදහස් දක්වමින් පැවසුවේ ය.මෙහි දී මෙරට සිමෙන්ති වෙළෙඳපොළස්ථාවරකිරීමේ පළමු පියවර ලෙසරජයේරෙගුලාසිසහප්‍රතිපත්තිවලටපූර්ණසහයෝගයලබාදෙමින් දිවයිනපුරාඅඛණ්ඩසිමෙන්තිසැපයුමස්ථාවර කිරීම වෙනුවෙන්INSEE සිමෙන්ති සමාගමේ දීපව්‍යප්තබෙදාහැරීමේසහඅලෙවිනියෝජිතජාලයයෙදවීමටහැකිවූ බවත්,සිය පාරිභෝගිකයින් INSEE සිමෙන්ති කෙරෙහි තබා ඇති විශ්වාසය සහඔවුන්ගේඉවසීමේ ගුණය මෙමඅභියෝගයජයගැනීමසඳහා තම සමාගමටශක්තිය ලබාදුන්බවත් ඒ මහතා තව දුරටත් පැවසුවේ ය.

සිය ගාල්ල කර්මාන්තශාලාව මගින් මෙට්‍රික් ටොන් 1.5ක හා පුත්තලම කර්මාන්තශාලාව මගින්මෙට්‍රික් ටොන් 1.3කනිෂ්පාදන ධාරිතාවක් මෙන්ම කොළඹ පිහිටි සිමෙන්ති පර්යන්තයේමෙට්‍රික් ටොන් 0.8ක ආනයන ධාරිතාවක් වශයෙන් මෙට්‍රික් ටොන් 3.6කඋපරිම ධාරිතාවකින් යුක්තව ක්‍රියාත්මක වන INSEE සිමෙන්ති සමාගම වර්තමානයේ රට තුළ පවතින සිමෙන්ති හිඟය අවම කිරීම සඳහා සිය නිෂ්පාදන හා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් අමතර ආනයන යාත්‍රා දෙකක් සිය සැපයුම් ක්‍රියාවලියට එක් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *