30ට වැඩි සැමට අද සිට ‘බූස්ටර්’ එන්නත

(ලංකාපුවත් | කොළඹ) –වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද (10) සිට ආරම්භ කෙරේ.

ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුව සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අනුමැතිය දී තිබේ.

ඒ අනුව ගර්භිණී කාලය මාස 6ට වැඩි ගැබිනි කාන්තාවන්ට බූස්ටර් එන්නත දීමට හැකි බව එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.

මේ අතර වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන ෆයිසර් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද (10) සිට ආරම්භ කෙරේ. ඒ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයන් සඳහා කෙටි පණිවිඩයක් ඔවුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බව මහා නගර සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *