සියලුම ගිලන් රථ අධිවේගී ගාස්තුවෙන් නිදහස්

(ලංකාපුවත් | කොළඹ) – අධිවෙගී මාර්ගවල ගමන්ගන්නා සියලුම ගිලන් රථ මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබේ.

ඒ අනුව මෙම තීරණය යටතේ රජයේ සහ පෞද්ගලික රෝහල් වලට අනුබද්ධිත සියලුම ගිලන් රථ සඳහා ගාස්තු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගය භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පසුගිය මැයි මස 20 වනදා සිට කොවිඩ් වසංගතය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කරන ගිලන් රථ සඳහා ගාස්තු අයකිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබූ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *