ප්‍රියන්ත කුමාර ඝාතනයට සැක තවත් 33ක් රිමාන්ඩ්

(ලංකාපුවත් | කොළඹ) – පාකිස්තානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයන් 33 දෙනකු දින 17ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගුජරන්වාලා අධිකරණය මඟින් නියෝග කර තිබේ.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඒ අනුව 85 දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ මැදිහත්වීම මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *