(ලංකාපුවත් | කොළඹ) –පළමු වැනි ශ්‍රේණියට අලුතින් සිසුන් ඇතුළත් කර ගැනීම 2022 අප්‍රේල් මස අවසානයේ සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. එසේම නව වසරේ පළමු පාසල් වාරය සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පහේ ශිෂ්‍යත්වය විභාගය ජනවාරි මස තුන්වැනි සතියේත්, උසස් පෙළ විභාගය පෙබරවාරි මස මුල් සතියේත් ආරම්භ වන බවත් සාමාන්‍ය පෙළ විභාගය මැයි මස අග පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පෙරේදා (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ලබන වසරේදී දැනට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාවට අමතරව අලුතින් සිසුන් 10,000ක් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා බවත් සෑම විශ්වවිද්‍යාලයක්ම හා සෑම විෂය ක්ෂේත්රයක්ම ආවරණය වන පිරිදි මෙම බඳවා ගැනීම් කරන බවත් අධ්‍යාපන ඇමැතිවරයා පැවසීය. විභාග ප්‍රතිඵල ප්‍රමාදවීම නිසා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේදී සිසුන්ට වසරක පමණ කාලයක ප්‍රමාදයක් අත්විඳින්නට සිදුව තිබෙන බවත් එය වැළැක්වීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් තිබෙන බව කී ඒ මහතා ඉදිරියේදී විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය සඳහා සිසුන් වසරකට කලින් ඇතුළත් කර ගැනීමට අපේක්ෂා කරන බවද අවධාරණය කළේය.
මෙය ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක බවද ඇමැතිවරයා කීවේය.