MI 27 ප්‍රහාරක ජෙට් යානයක් මොරටුව විශ්වවිද්‍යාලයට

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු සක්‍රිය සේවයෙන් ඉවත් කරන ලද මිග් 27 ප්‍රහාරක ජෙට් ගුවන් යානාවක් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිරංජන් ගුණවර්ධන මහතා වෙත නිළ වශයෙන් භාර දිම ඊයේ (20) සිදු විය

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය විසින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලිමකට අනුව මෙම ප්‍රදානය සිදු කර ඇත.

මෙමගින් ගුවන් යානා තාක්ෂණ ඉංජිනේරු ශිල්පය හදාරණ විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යන කටයුතු නව මගකට යොමු කිරිමට හැකි වනු ඇතිබව තමා විශ්වස කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් මෙහිදි ප්‍රකාශ කළේය .

තවදුරටත් ඔහු ප්‍රකාශකර සිටියේ හමුදා ප්‍රධානියකු මොරටුව විශ්ව විද්‍යාලයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවත් ඒ පිළිබඳව ද ගුවන් හමුදාධිපති තුමන් හට විශේෂ ස්තුතිය පුදකර සිටින බවය

තවද මෙහිදි ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ශිල්පීය දැනුම මොරටුව විශ්වවිද්‍යාලයේ ගුවන් යානා ඉංජිනේරු අංශය සමග හුවමාරු කර ගැනිම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සිදු කරනු ලැබුණි.

මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පිඨයේ ගුවන් යානා ඉංජිනේරු අංශය වෙත පරියේෂණ කටයුතු නිසි ප්‍රමිතියට අනුව සිදු කිරිමට අවශ්‍යය විද්‍යාගාරයක් ස්ථාපිත කිරිමට ගුවන් හමුදාවේ සහය ලබා දෙන බවද ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි පවසා සිටින ලදි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *