එලිසබෙත් රැජිණ සම්ප්‍රදායික නත්තල් සැලසුම් අවලංගු කරයි

(ලංකාපුවත් | කොළඹ) – බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ නත්තල් උදෑසන නොර්ෆොක්හි සැන්ඩ්‍රින්හැම් හි ගොස් පවත්වන ඇගේ සම්ප්‍රදායික නත්තල් සංචාරය අවලංගු කර ඇත.

ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ව්‍යප්ත වීම් ඉහළ යෑම පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඇය මේ තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවට ඇය වින්ඩ්සර් කාසල් හි රැඳී සිටිනු ඇත. එහිදී 95වියැති රැජින රාජකීය පවුලේ සාමාජිකයින් සමග එක්ව කටයුතු කිරීමට නියමිතය.

එය රැජිණගේ “පෞද්ගලික තීරණයක්” ලෙස බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.

වසංගතය හේතුවෙන් සැන්ඩ්‍රින්හැම් වෙත රැජිනගේ සාම්ප්‍රදායික නත්තල් සංචාරය අවලංගු කළදෙවන වසර මෙයවන අතර අප්‍රේල් මාසයේදී අභාවප්‍රාප්ත වූ ඇගේ සැමියා වන පිලිප් කුමරු නොමැතිව ගත කරන පළමු නත්තල ද මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *