ෆයිසර් කොවිඩ් පෙත්තට අමෙරිකාව තුළ හදිසි අවසරය

(ලංකාපුවත් | කොළඹ) – ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති කොවිඩ් වෛරස ප්‍රතිකාර ඖෂධ පෙත්තට අමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය හදිසි අවසරය ලබාදී ඇත.

මේ සමග එය කොරෝනා රෝගය සඳහා ප්‍රථම බලයලත් මුඛ ප්‍රතිවෛරස් ඖෂධය බවට පත්විය. නිවසේදී ලබාගත හැකි පළමු ඖෂධයද මෙය වනු ඇත.

Paxlovid ලෙස නම් කර ඇති මෙම ඖෂධ පෙත්ත, මුල් කොවිඩ්-19 ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා වේගවත් හා ලාභදායී ක්‍රමයක් ලෙස සැලකෙයි.

දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇති වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිවෛරස් පෙත්ත සඳහා අමෙරිකාව ඊයේ(22) අවසර ලබා දී තිබේ.

පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේදී අමෙරිකාවේ නව කොවිඩ් ආසාදිතයන්ද 25%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මෙවැනි වාතාවරණයක් තුළ ෆයිසර් සමාගමේ නිෂ්පාදිත ප්‍රතිවෛරස කොවිඩ් කරල වයස අවුරුදු 12 ඉක්මවූ අවදානමක් සහිත පුද්ගලයන්ට ලබාදීම සඳහා අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය ලබාදී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *