රටතුල ආහාර හිඟයක් ඇති නොවන බවට සහතිකයක්

(ලංකාපුවත් | කොළඹ) – දිවයින පුරා සේවයේ නියුතු කෘෂිකර්ම නිලධාරින් ගෙන් ලැබෙන තොරතුරු අනුව මහ කන්නයේ වී අස්වැන්න අඩු වන්නේ 25% ක් හෝ 30%කින් බැවින් රටතුල ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

එළවළු හා අනෙකුත් බෝග සඳහා අවශ්‍ය පොහොර ආනයනය කීරිම සඳහා අවසර දී ඇති බැවින් එම පොහොර තොග ජනවාරියේ ලැබෙන නිසා එළවළු හා අනෙකුත් බෝගවල හිඟයක් ද ඇති වීමට ඉඩක් නැති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දිවයින පුරා සේවය කරන කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරු හා පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරු ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(23) කොළඹ පැවැති වැඩමුළුවේ දී දිවයිනපුරා මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ඉඩම් පිළිබඳ තොරතුරු ලබා ගෙන තිබේ.

ඔවුන් සදහන් කරන්නේ සෑම දිස්ත්‍රික්කයකම කුඹුරු ඉඩම් 90%ක් හෝ 95%ක් වගා කර ඇති බවයි.

ඒ අනුව රටතුළ ආහාර හිඟයක් ඇති බීමට ඉඩක් නොමැති බැවින් ඇතැම් පිරිස් ආහාර හිඟයක් ඇතිවන බවට පල කරන අදහස් පිළිගත නොහැකි බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *