ලෝක කඳුකර දිනය සමරා පරිසර හිතැති පුංචි දරුවෝ…. දියතලාව දුම්රිය පොලේ පැල සිටවයි

(ලංකාපුවත් | කොළඹ) – දෙසැම්බර් 11 දිනට යෙදුන ලෝක කඳුකර දිනය සමරා පුංචි දරුවන් සංවිධාන කළ රුක් රෝපන වැඩසටහනක් දියතලාව දුම්රිය පොල පරිශ්‍රයේ දි පසුගිය 27වනදා පැවැත්වීනි.

ප්‍රභව කිඩ්ස් ක්ලබ් හි දරුදැරියන් විසින් මෙම රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුනි.

මෙම වැඩසටහානේ සමාරම්භය දියතලාව දුම්රිය ස්ථානාධිපති රවින්ද්‍ර රණවීර මහතා ප්‍රමුඛ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩල නිළධාරින් එක් කරගනිමින් සිදුවු අතර එහි දි ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික ශාකයක් වු මහ රත්මල් පැලයක් රෝපණය කිරීම සිදුවිය.

ප්‍රභව කිඩ්ස් ක්ලබ් හි දරුදැරියන් විසින් ළමා කඳුකර දින සැමරුමක් පසුගිය (05) දා දියතලාව, විරිත්තාගල විව් පොයින්ට් හි දි පැවැත්වු අතර මෙරට ඉතිහාසය තුල පුංචි දරු දැරියන් පිරිසක් විසින් සංවිධානය කළ ප්‍රථම කඳු සැමරුම් උත්සවය මෙය වේ.

මෙම ළමා කඳුකර දින සැමරුමට සමගාමිව රුක් රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුනි.

මෙරටට කඳුකර දිනය හදුන්වා දි පැවැති තුන්වන කඳුකර දින සැමරුම සඳහා මාස හයක් තරම් කුඩා අවධියේ සම්බන්ධ වෙමින් වාර්තාවක් පිහිටවමින් සහ මෙරට වැඩිම කඳුකර දින සෑමරුම් ප්‍රාමාණයකට සහභාගි වි සම්මාන ලැබු දම්සරා තත්සරි රත්නායක දියණියණිය ප්‍රභව කිඩ්ස් ක්ලබ් හි සභාපති ලෙස කටයුතු කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සදහන් කලේ පරිසරය ආරක්ෂා කිරිම සඳහා පැල සිටවීමට දෙසැම්බර් 11 සිට ජනවාරි 11 දක්වා වු කඳුකර මාසයේ කටයුතු කරණ බවත්, ඉන් සැමටම ආදර්ශයක් විම තම කණ්ඩායමේ අරමුණ බවත්ය.

මෙම අවස්ථාවට ප්‍රභව කිඩ්ස් ක්ලබ් හි සභාපති දම්සරා තත්සරි රත්නායක, ප්‍රධාන සංවිධායක පසිදු මෙත්සර, උප ලේකම් ඉමන්දි දහම්සා උප භාණ්ඩාගාරික සහන්යා සත්සරි රත්නායක , යන දරු දැරියන් සහ එම සංවිධානයේ සාමාජික සමාජිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටිහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *