(ලංකාපුවත් | කොළඹ) –තමන් වුවද ඕනෑම වෙලාවක ඇමැති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවැරී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (04) පැවසීය.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉවත් කිරීම පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර ගනු ලැබූ තීරණයක් නොවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී ඇමැතිවරයා පැවැසීය.
සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා රාජ්‍ය ඇමැති ධූරයෙන් ඉවත් කළේ ආණ්ඩුව විවේචනය කිරීම නිසාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කියා සිටියේය.
කැබිනට් මණ්ඩල හමුවේ දීද ඒ සම්බන්ධව කිසිවක් සාකච්ඡා නොවුණ බව පැවැසූ අලහප්පෙරුම මහතා සමීප මිත්‍රයෙක් ලෙස ඒ සම්බන්ධව දැනුනේ කනගාටුවක් බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
විවේචනය කිරීම නිසා මෙය කළා යැයි කියන ආකාරයේ ප්රකාශනයක් හෝ හේතු දැක්වීමක් නෙවෙයි සිදු වෙලා තිබුණේ යැයි ද ජනමාධ්‍ය ඇමැතිවරයා කීවේය.