කොවිඩ් එන්නත නොගත් ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට වැඩ වරදී

(ලංකාපුවත් | කොළඹ) –10වැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා තරගාවලිය ට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච් ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇත.

ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් ගුවන්ටෝටුපොළේ රැඳී සිටි ජොකොවිච් ට එරට බලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය රෙගුලාසි ඔහු සම්පූර්ණ කර නොමැති බවය.

කොවිඩ් මර්දන එන්නත් කිරීමේ නීති ඔහු විසින් සපුරා නොමැති බවද සදහන්වේ.

ඒ අනුව ඔහුව එරටින් නෙරපීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීම සඳහා ඔහුට “එන්නත් ලබා නොගැනීම” හේතුවෙන් සහනයක් දීමට එරට ටෙනිස් බලධාරීන් එකඟ වී තිබුණි. නමුත් ඊට ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ, ජොකොවික්ට නිදහසේ රටට ඇතුළු වීමට නම් ඔහුගේ එන්නත්කරණය පිළිබඳ දත්ත ඉදිරිපත් කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *