ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමුදීමට තීරණයක් ගනී

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා, ජාතික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරමින් ඒ පිළිබඳ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇතැයි වාර්තාවේ.

පසුගිය වසරේ ජූනි මාසයේ එංගලන්ත සංචාරයක යෙදී සිටියදී ජීව බුබුල කඩ කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට ජූනි මස දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 08කට ක්‍රීඩා කර ඇති ධනුෂ්ක ගුණතිලක පසුගිය සතියේ සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇතැයි සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *