නිව්යෝර්ක්හි මහල් නිවාසයක ගින්නකින් ළමුන් ඇතුළු 19ක් මරුට

(ලංකාපුවත් | කොළඹ) –අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් පවසා ඇත්තේ තවත් පුද්ගලයින් 32 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක දෙවන සහ තෙවන මහල්වල එම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නිව්යෝර්ක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තු කොමසාරිස් ඩැනියෙල් නිග්‍රෝ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගොඩනැගිල්ලේ සෑම මහලකින්ම ගින්නට ගොදුරු වූවන් සොයා ගත් බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ වසර 30ක කාලයකින් නිව්යෝර්ක් හි වාර්තා වූ දරුණුතම ඛේදවාචකයක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *