ලතා මංගේෂ්කාර්ටත් කොවිඩ්

(ලංකාපුවත් | කොළඹ) –ඉන්දීය ගීත කෝකිලාවිය ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා මංගෙෂ්කාර්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

92 හැවිරිදි වියේ පසුවන ඇය කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මුම්බාහි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ලතා මංගේෂ්කාර්ගේ ලේලියවන රචනා, පීටීඅයි ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, “ඇගේ රෝග ලක්ෂණ සුළු පෙන්නුම් කිරීමක් පවතිනවා. ඇගේ වයස සැලකිල්ලට ගෙන, ඇයට නිරන්තර ප්‍රතිකාර අවශ්‍ය බැවින් දැඩි සත්කාර ඒකකයේ සිටිය යුතු බව වෛද්‍යවරු අපට උපදෙස් දුන්නා.ඇය හොඳින් සිටිනවා,නමුත් ඇයගේ වයස නිසා එයාට ටික කාලයක් රෝහලේ ඉන්න වේවි.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =