මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන ඉලක්කයක්

(ලංකාපුවත් | කොළඹ) – මේ වසරේ 5.5% ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මෙරට ආර්ථිකය බංකොලොත් වී ඇති බවට සමහරු කරන ප්‍රකාශවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මහබැංකු අධිපතිවරයා සදහන් කළේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවන ආකාරයට මැදිහත්වීමක් කරන බවත් තවත් මාස දෙකකින් පමණ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳ තැනකට එන බවත් ඔහු මෙහිදී පැවසීය.

එසේම ශ්‍රී ලංකාව විසින් ගෙවීමට ඇති ණය නියමිත දිනට ගෙවා අවසන් කරන බව පැවසූ මහබැංකු අධිපතිවරයා, එහිදී, මුළු ණයම ගෙවීමට සැකසුම් කරන බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − twelve =