ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙකු බිහි කිරීමේ වැඩසටහන යටතේ ස්වයං රැකියා ආධාර

(ලංකාපුවත් | කොළඹ) – වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන එක් ග්‍රාමසේවා වසමකට එක් ග්‍රාමීය කර්මාන්ත ව්‍යවසායකයෙකු බිහි කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනේ, බේරුවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දියත් කරනු ලැබූ වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

ඒ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ය.

මෙම වැඩසටහන යටතේ මූලික වටයේ ප්‍රතිලාභීන් 45 දෙනෙකු සඳහා ලක්ෂ 25 පමණ වටිනා ස්වයං රැකියා ආධාර කට්ටල ලබා දුන් අතර, එක් ව්‍යවසායකයෙකු සඳහා උපරිමය ලක්ෂයක වටිනාකමින් යුත් උපකරණ ලබා දෙනු ලබයි. එම වටිනාකමින් 75% ක් රජය විසින් දරණු ලැබේ. අනෙක් 25% ප්‍රතිලාභියා විසින් දැරිය යුතුවේ.

මෙම අවස්ථාවට බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා, බේරුවල ප්‍රාදේශීය ලේකම් එම්.රංජිත් පී.පෙරේරා මහතා, බේරුවල විද්‍යා හා තාක්ෂණ නිළධාරී කේ.කේ.මහේන්ද්‍ර සුදර්ශණ මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + two =