‘ජය ශ්‍රී’ සහෝදරයින්ට අධිකරණයෙන් සීතාසි

(ලංකාපුවත් | කොළඹ) – අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගය උල්ලංඝනය කිරීම හේතුවෙන්, ‘ජය ශ්‍රී’ සහෝදරයින් දෙදෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සීතාසි නිකුත් කර තිබේ.

වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසිනි රෝහිත සහ රොහාන් ජයලත් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අද(13)මෙලෙස සීතාසි නිකුත් කරනු ලැබිය.

ඒ, පසුගිය දෙසැම්බර් 17 වන දින ජය ශ්‍රී සංගීත කණ්ඩායම ගායනා කරන ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කල වාරණ නියෝගය උල්ලංගනය කර තහනම් කරන ලද ගීත පෞද්ගලික රුපවාහිනී මාධ්‍ය ආයතනයක පසුගියදා ගායනා කිරීම හේතුවෙනි.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් මහතා වෙනුවෙන් තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ සදූන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පෙනි සිටිමින් සදහන් කර සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංගනය කිරීම ඉතා බරපතල කරුණක් වන බවයි.

මෙම නඩුව නැවතත් 2022 ජනවාරි මස 27 වන දිනැතිව කැදවීමට වානිජ මහාධිකරණය විසින් නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *