මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) –මාලදිවයිනේ 19 වැනි කතානායකවරයා වන මොහොමඩ් නෂීඩ් සිව් දින නිල සංචාරයක් සදහා අද(16) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියේය.

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔහු සමග දූත පිරිස ලෙස තවත් දෙදෙනෙකු ද පැමිණ ඇත.

මාලදිවයිනේ කතානායකවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

මාලදිවයින් කථානායකවරයා දින 4ක් මෙරට රැදීසිටින අතර විශේෂ වැඩසටහන් කිහිපයකට ද සහභාගීවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *