විභාග දෙපාර්තමේන්තුවෙන් උපකාරක පංති ගැන දැනුම් දීමක්

(ලංකාපුවත් | කොළඹ) – ශිෂ්‍යත්වය සහ උසස්පෙළ විභාගය පැවැත්වීමට අදාලව දින කිහිපයක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

පසුගිය වසරට අදාල ශිෂ්‍යත්ව විභාගය එළඹන 22 වනදා පැවැත්වීමට නියමිත අතර උසස්පෙළ විභාගය පෙබරවාරි මස 7 වනදා ආරම්භ කිරීමටයි කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව ලබන 18 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ශිෂ්‍යත්ව උපකාරක පන්ති පැවැත්වීම තහනම්ය.

පෙබරවාරි මස පළමු වන දින මධ්‍යම රාත්‍රි 12.00 සිට උසස්පෙළ උපකාරක පන්ති පැවැත්වීමද තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ යටතේ විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රන සහ වැඩමුළු පැවැත්වීමටද අවසර හිමි නොවේ.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එම විභාග වලට අදාල අනුමාන ප්‍රශ්ණ මුද්‍රණය සහ බෙදාහැරීමද තහනම් බවයි.

මෙම නියෝග අදාල විභාග අවසන් වන තෙක් බලාත්මක බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේය.

නියෝග කඩකිරීම පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිලි කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *