Siam City සිමෙන්ති සමූහය,ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

(ලංකාපුවත් | කොළඹ) – Siam City සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරුණු අතර, එමගින් Siam City සිමෙන්ති සමූහයේ ව්‍යාපෘති ක්‍රියාත්මකවන ස්ථානවල ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමමූලික කරගත්, 2030 වසරේ INSEE තිරසාර ඉලක්කයන් සපුරාගැනීම සඳහා සහයෝගය ලබා දීම අපේක්ෂා කෙරේ.

හැකි උපරිමයෙන් ජෛව විවිධත්ව හානිය වළක්වා ගැනීම සහ අවම කිරීමමෙම සහයෝගීතාවේ ප්‍රධාන අරමුණ වන අතර,ඉදිරි වසර 3තුළ දීශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය සහ කාම්බෝජය යනරටවල පිහිටා ඇති Siam City සිමෙන්ති කම්හල්වලකැණීම් සහ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියෙහි දී නොවැළැක්විය හැකි පාරිසරික බලපෑම් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමටද මෙම සහයෝගීතාවශක්තියක් වනු ඇත.

Siam City සිමෙන්තිසමූහයේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී අයිඩන් ලිනම්සහස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ හා ඔසියානාවේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ආචාර්ය ඩින්ඩෝ කැම්පිලාන් යන මහත්වරු තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි Siam City සිමෙන්ති මූලස්ථානයේදී මෙම අවබෝධතා ගිවිසුමසඳහා අත්සන්තැබූ අතර,ශ්‍රී ලංකාව,කාම්බෝජය හා වියට්නාමයයන රටවල නියෝජිතයෝ අන්තර්ජාලයඔස්සේ මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.

මෙහි දී අයිඩන් ලිනම් මහතා අදහස්දැක්වූයේමෙසේ යි. ” 2030 වසර වන විට සපුරා ගැනීමට අරමුණු කරන INSEE තිරසාර සැලසුම්අතරින් ප්‍රධාන එකක් විදියට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම දැක්වීමට පුළුවන්.ඒ වෙනුවෙන් අපගේ ව්‍යාපාරික අවශ්‍යතා සමඟඒකාබද්ධ කෙරුණුදිගුකාලීනඉලක්කගත වැඩසටහන්ක්‍රියාත්මක කිරීම සඳහා අපි කැප වෙනවා. එම අරමුණු සාක්ෂාත් කරගැනීමටස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයසමග අප ගොඩනගාගෙන තිබෙන සහයෝගීතාව ලොකු ශක්තියක්.”

2018 – 2021 කාල වකවානුව සඳහා අත්සන් තැබුණු මෙහි පළමු අවබෝධතා ගිවිසුමට අදාළ කාලසීමාව තුළ Siam City සිමෙන්තිසමූහය,ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයසමඟ එක්ව ජෛව විවිධත්ව හානිය අවම කිරීමට සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී සිදු වූ බලපෑම් සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ අතර,ශ්‍රී ලංකාවේ Siam City සිමෙන්ති (ලංකා) සමාගම, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයසමඟ එක් වී අරුවක්කාලුප්‍රදේශයේ පිහිටාඇති ගල්කොරි පුනරුත්ථාපනය කිරීමසඳහා කටයුතු කෙරිණි.එමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් වූ කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේකොරල් විශේෂඥයින්ගෙන් තාක්ෂණික සහය ලබා ගැනීමසහකන්නෙලිය වන රක්ෂිතය තුළ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකකිරීම සඳහා එම සංගමයේ සහයෝගයලබා ගැනීම ද මෙහි දී සඳහන් කළ යුතුම ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකිය.තායිලන්තයේ, Siam City සිමෙන්ති පී.එල්.සී සමාගමවිසින්ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයසමග එක්ව සම්බන්ධීකරණය කරන ලද,එ රට ප්‍රථම ජාතික ව්‍යාපාරික සහ ජෛව විවිධත්ව වැඩසටහන වන’Bio-diversity Network Alliance (B-DNA)’මගින් තිරසාරත්වය සඳහා ව්‍යාපාරික දැනුවත්භාවය වර්ධනය කිරීමට සහ ධාරිතා වර්ධනහා ජෛව විවිධත්ව සංරක්ෂණය වෙනුවෙන් ජාලගත කිරීමසඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දී ඇති අතර,වියට්නාමය සහ කාම්බෝජය තුළ ද එවැනිම ව්‍යාපෘති ගණනාවක් දියත් කර ඇති බව ද සිහිපත් කළ යුතුමය.

“මෙම අඛණ්ඩ සහයෝගීතාව,Siam City සිමෙන්තිසමූහයේ ජෛව විවිධත්ව සංරක්ෂණය හා සම්බන්ධ තිරසාර ඉලක්කයන්සමග ඒකාබද්ධ කිරීම මගින්, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා එමසමූහයේ කැපවීමපිළිබඳව උදාහරණ සපයනවා. ඒ වගේ ම ව්‍යාපාරික ,සාමාජීය හා ස්වභාවධර්මය ආශ්‍රිත අවශ්‍යතා යන සියල්ලක් ම සමතුලිතකරමින් විසඳුම් ලබා දීමට සහ ඒ ආශ්‍රිත ප්‍රමිතීන් නිර්මාණය කිරීමට අපට එක්ව කටයුතු කළ හැකියි.” යනුවෙන් මෙහි දී අදහස් දැක්වූ ආචාර්ය ඩින්ඩෝ කැම්පිලන් මහතා පැවසුවේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *