ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ සභාව කල් තැබීමේ විවාදය හෙටත් පැවැත්වීමට තීරණයක්

(ලංකාපුවත් | කොළඹ) –ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි 18 වැනි දින නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනවාරි 19 සහ 20 දෙදින පවත්වන ලද කල්තැබීමේ විවාදය හෙට(21) දිනයේදීත් පැවැත්වීමට තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශවයේ එකඟත්වය මත හෙට පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත ය. එදින ප.ව 12.30 සිට 1.30 දිවා විවේකය සදහා කාලය වෙන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *