විස්සයි 20 ක්‍රිකට් ලෝක ශූරතාවලියේ කාලසටහන එළිදකියි

(ලංකාපුවත් | කොළඹ) – 2022 විස්සයි 20 ක්‍රිකට් ලෝක ශූරතාවලිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වේ.

එම තරගාවලියේ මූලික වටය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භවන අතර පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර ගීලොන්ග් හිදී පැවැත්වෙනු ඇත.

මූලික වටයෙන් සුදුසුකම් ලබන කණ්ඩායම් 04ක් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර 12 දෙනාගේ වටය ඔක්තෝබර් 22 වනදා සිඩ්නි ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. එහිදී තරගවදින්නේ ලෝක ශූර වත්මන් තරග සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායමයි.

එසේම ඉන්දීය – පාකිස්තාන තරගය ඔක්තෝබර් 23 වනදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය පළමු වටය සහ සුපිරි 12 ලෙස අදියර දෙකකින් පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *