(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ පළමු වරට පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්රන්ථයක් එළිදැක්වීම පසුගියදා සිදුවිය.
‘ආරෝග්‍ය’ ලෙස නම්කර ඇති මෙම ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ සියයට සියයක්ම නිර්මාංශ ආහාර වට්ටෝරු සියයකට වැඩි සංඛ්‍යාවක් ඇතුළත්වේ.
අවිහිංසාවාදී පරපුර යළි මෙරට බිහිකිරීමේ අරමුණ ඇතිව Dharma Voices for Animals (සතුන් වෙනුවෙන් දහම් හඬ) සංවිධානය විසින් මෙම ග්‍රන්ථය එළිදැක්වීම සිදු කළේය.
මෙහි ආහාර වට්ටෝරුවල විශේෂත්වය වන්නේ කිරි හෝ සතුන් යොදාගෙන නිෂ්පාදනය කෙරෙන කිසිඳු ද්‍රව්‍යක් ඒවා සැදීමේදී අවශ්‍ය නොවීමයි.
වට්ටෝරු ග්‍රන්ථයේ පළමු පිටපත Dharma Voices for Animals සංවිධානයේ නිර්මාතෘ බොට් අයිසැක්සන් මහතා අතින් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිකාරී, පණ්ඩිතාචාර්ය අතිපුජ්‍ය වල්ගම ශ්‍රී ධම්මාවාස නායක හිමිපාණන් වෙත පිළිගැන්වීම සිදුකෙරුණි.
ආහාර වට්ටෝරු ග්‍රන්ථයේ පළමු පිටපත් 10,000 මුළු දිවයිනම ආවරණය වන පරිදි බෞද්ධ විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන මූලික කරගනිමින් සම්පුර්ණයෙන්ම නොමිලයේ බෙදාහැරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර තිබේ.
නිර්මාංශ ආහාර වට්ටෝරු ග්‍රන්ථය එළිදැක්වීමට සමගාමීව දේශීය නිර්මාංශ ආහාර සංස්කෘතිය යළි පණගැන්වීමේ ජාතික වැඩසටහනක් ද දියත් කෙරුණි. එහි පළමු අදියර ලෙස නිර්මාශ ආහාර ප්‍රවර්ධනය කිරිම සඳහා නිර්මාංශ ආහාර සැණකෙළියක් ජනවාරි මස 22 වැනි සෙනසුරාදා උදැසන 9.00 සිට මධ්‍යහන 12 දක්වා මිනුවන්ගොඩ නගර සභා පරිශ්‍රයේදී පැවැත්වේ.මෙවැනි සැණකෙළි ඉදිරියේදී දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර Dharma Voices for Animals සංවිධානය තව තවත් නිර්මාංශ ආහාර රටාවකට ජනතාව හුරුකිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කර තිබේ.