ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි දැනුම් දෙයි

(ලංකාපුවත් | කොළඹ) –දිවයිනේ පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ.

මෙම තත්ත්වය අවම කර ගැනීමට නම් ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි ඒකනායක වීරසිංහ මහතා සඳහන් කරයි.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛත්වය දෙමින් පානීය ජලය පරිභෝජනය කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *