නව වසරට සෙත් පතා පර්ත් නුවරින් ලොවට විහිදුණු සදහම් සඡ්ඤායනාවක්

(ලංකාපුවත් | කොළඹ) –2022 නව වසර ආරම්භයත් සමඟ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ දී දින 06ක් පුරා පිරිත් සඡ්ඤායනාවක් පැවැත්විණි.

වසර 21ක් අඛණ්ඩව නව වසරට ආශිර්වාද කරමින් මෙම පිරිත් සඡ්ඤායනය සිදු කෙරේ.

පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරය සහ බේරුවල අභීතවාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ ලෙස වැඩවසන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බේරුවල ශ්‍රී සෝභිත නාහිමියන්ගේ පූර්ණ මඟපෙන්වීම යටතේ විහාරස්ථා දායක සභාවේ දායකත්වයෙන් කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව පැවැති මෙම අවස්ථාවට විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම පිරිත් සඡ්ඤායනාව සදහා බුරුම ජාතික භික්‍ෂූන් වහන්සේලාද සහභාගි වූහ.

දර්ශනීය පිරිත් මණ්ඩපය තැනුවේ කලාශිල්පී චන්ද්‍රදාස හේවගේ මහතා ප්‍රමුඛ කණ්ඩායම විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *