(ලංකාපුවත් | කොළඹ) – තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගෙන පහරදීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩුව මැයි 23 වනදා ආරම්භ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
2015 වසරේ දෙසැම්බර් 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කුළ අමිල ප්‍රියංකර නැමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම් සිදු කර ඇති බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොණු කර තිබේ.
එම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ සාක්ෂි විභාගය මාර්තු 23 වනදා ආරම්භ කරන බවත් එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් සිතාසි නිකුත් කරන ලෙසයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එම සිරදඬුවම වසර දොළහකට අත්හිටුවීමට ද මීට පෙර නියෝග කර තිබිණ.