වියළි කාලගුණික තත්වයත් නිසා ජල සැපයුමට බාධා එල්ල විය හැකියි

(ලංකාපුවත් | කොළඹ) – වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

අධික වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රයන්හි ජල මට්ටම පහළ බැස තිබේ. එසේම ජනතාවගේ ජල පරිභෝජනය ද ඉතා ඉහළ මට්ටමක පවතින බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

පානීය ජල සැපයුම සීමා සහිත බැවින් සහ සැමට සමසේ බෙදා හැරිය යුතු නිසා ද අර පිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වාහන සේදීම ගෙවතු වගාව ආදී කාර්යන් සදහා පානීය ජලය භාවිත නොකර අත්‍යවශ්‍ය දෛනික කටයුතු සදහා පමණක් යොදා ගත යුතුයි. උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *