ඔස්ට්‍රේලියානු සංචාරයේ ප්‍රධාන පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

(ලංකාපුවත් | කොළඹ) – එළඹෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහාද ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

අවසන් වුණු සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙසද රත්නායදක මහතා කටයුතු කළේය.

සිම්බාබ්වේ තරගාවලියෙන් අනතුරුව ඒ මහතාට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙන අතර මේ වන විටත් ස්වයං නීරෝධායනයට ලක්ව සිටියි. එම තත්ත්වය මත ඔහුට කණ්ඩායම සමඟ පිටත්ව යෑමේ අවස්ථාව අහිමි වන නමුත් පෙබරවාරි 11 වැනිදා ආරම්භ වන පළමු තරගයට පෙර රත්නායක මහතා කණ්ඩායම සමඟ එකතුවීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඒ මහතාව ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා පත් කිරීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *