දකුණු කොරියාවේ රැකියා ලැබිම ක්‍රමයෙන් වැඩිවෙයි

(ලංකාපුවත් | කොළඹ) – දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ ඊයේ(25) රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80 දෙනකු ඇතුලත්වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

ඉන් ප්‍රථම වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්වන 40 දෙනකු හා නිවාඩුවට ලංකාවට පැමිණ නැවත වරක් රැකියා සදහා පිටත්වන 40 දෙනකු ඇතුලත් විය.

දකුණු කොරියාවේ රැකියා සදහා 89 දෙනකුගෙන් සමන්විතපළමුවන කණ්ඩායම පසුගිය 04 බදාදා පිටත්ව ගියේය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ මැදිහත්වීම හේතුවෙන්, මේවනවිට කොරියාවේ රැකියා සදහා ගිවිසුම් ලැබිම ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි මාසය තුල පමණක් 169 දෙනකු දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගොස් ඇත.

2021 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සදහා 1427 දෙනකු පිටවගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *