දිල්රුවන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති සිය විශ්‍රාම ගැන්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් දිගටම දේශීය ක්‍රිකට් ක්‍රීඩා කරන බවයි.

පිට දඟ පන්දු යවන්නෙකු ලෙස දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43කට, එක්දින තරග 13කට සහ විස්සයි20 තරග 3කට ක්‍රීඩා කර ඇත.

ටෙස්ට් පිටියේ සුවිශේෂී දස්කම් පෑ දිල්රුවන් ටෙස්ට් කඩුලු 161ක් දවාගැනීමට සමත්ව තිබේ.

ටෙස්ට් ලකුණු 1303ක් රැස්කරගෙන ඇති දිල්රුවන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව 95ක් ලෙස වාර්තා අතර සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *